Friday 4 February 2011

63 වන ජාතික නිදහසේ රන් අරුනලු පෙරදිගින් උදා වූ වගය්....!!!!!!

තවත් අලුත් දවසක් උද උනා..හැබය් නිකම්ම නිකම් දවසක් නෙමෙය්.ශ්‍රී ලංකා මාතාව නිදහස ලබලා අවරුදු 63 ක් ගෙවිලා ඉවරය්.මේ කාල සීමාව තුල බොහෝ දේවල් සිද්ද උනා.කව්රුත් නොසිතපු කව්රුවත් නොපැතූ ගොඩක් දේවල් සිද්ද උනා.ඒගොඩක් දේවල් අපිට ඉතිරි කරලා ගියේ බොහොම අමිහිරි මතකයන්.ඒ අතරින් ප්‍රදානම ගැටළුවක් උනේ 30 වසරක් තිස්සේ අපි හැමෝම දුක් විදපු යුද්දය.දැන් හැබය් යුද්දේ ඉවරය්.එකේ ගව්රවය මෙරටේ හැමෝටම ලැබෙන්න ඕන..විශේෂයෙන්ම ත්‍රිවිද  හමුදාවට.යුද්දය ඉවරය් කිව්වට අළු යට සැග උන ගිනි පුපුරු අයෙමත් ගින්න අව්ලන්න ඉඩතියෙනවා.එකට අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට සුදානමින් ඉන්න ඕන.ඒවගේම අපේ රට දැනට මුහුණ පාලා තියෙන ආර්ථික යුද්දය ජය ගන්නත් හැමෝගෙම සහයෝගය උවමනා වෙනවා.හැබය් එකට ජාති,ආගම,පාට අමතක කරලා හැමෝම එකට නැගී සිටින්න ඕන.ඒකනිසා අපි හැමෝම එකතුවෙලා අපේ මේ පුංචි ලස්සන දුපත ලෝකයේ හැමෝම කතාවෙන හොද රටක් කරන්න අද ඉදන් වත් කැපවෙමු,,,......
                    වසර 63 කට පෙර ......ලැබුණු නිදහස.....
                              වසර 30 කට පසු.....සමරන....
             දෙවන සැබෑ නිදහස් දිනයට මගේ සුබපැතුම්................................

Thursday 3 February 2011

අමුත්තෙක් ඇවිත්......

අමුත්තෙක් ඇවිත් කිව්වම ඕගොල්ලෝ බලනවා ඇති මේ කව්ද කියලා........වෙන කව්රුවත් නෙමේ  මේ මම තමය් අමුත්තා.එකිව්වේ බ්ලොග් වලට අමුත්තෙක්....මේක තමය් මගේ මුල්ම පොස්ට් එක.මගේ වැරදි අඩුපාඩු ගොඩක් ඇති හැබය් ඒවා නිවරැදි කර ගන්න මට ඔය හැමෝගෙම සහයෝගය ඕන වෙනවා.මම හිතනවා ඕගොල්ලෝ මට උදව් කරවී කියලා.
                         කය්ය ගැහුවා ඇති..මම මුලින් ම මම ගැන පොඩි විස්තරයක් කරන්නම්..මගේ ගම ගාල්ල..ගියේ රිච්මන්ඩ්  විදුහලට..දැන් අපොස උසස්පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නේ.දැනට ඔය ඇති.පස්සේ තව කියන්නම් කෝ.
                                  මම මගේම කියලා බ්ලොග් එකක් කරන්න හිතුනේ කීප දෙනෙකුගේම බ්ලොග් බැලුවට පස්සේ.මට හිතෙන විදිහට මේකත් අමුතුම fun එකක් තියෙන වැඩක් වගේ.මේක හරහා මගේ අත්දැකීම්,අදහස්,වීරකම්..පුරසාරම් වගේ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.....
              එහෙනම් ඉස්සරහට තව හොද හොද වැඩ තියේවි.ගිහින් එන්නම්..ලගදීම හමුවෙමුකෝ.......